MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?

 
MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ

නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්රතික්ෂේප කරනවා

හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න

දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.

HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.


බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන්  බලලා දාන්න. Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.


ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.

දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.

1 comments:

  1. fiver freelancer wage site gena podi withrarayk dennako

    ReplyDelete