e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු

 
එය පූර්ණ කාලීන, අර්ධ කාලීන හෝ අමතර කාලීන පදනම මත සිදු කළ හැකියිඔබ එය පියවරෙන් පියවර, ක්රමක්රමයෙන්, හෙමින් සැරේ දියුණු කරගන්න පුළුවන්. ඉන්පසු ඔබ ඔබේම පියවර සකස් කරගන්න.
එය ඉක්මනින් කදිම, අර්ධකාලීන රැකියාවක් බවට පත් කරගන්න පුළුවන්. පූර්ණකාලීනව එය අමතර ආදායම් මාර්ගයක් හෝ  ප්රධාන ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. තවදුරටත් ප්රයෝජනවත් නොවන හෝ අවශ් නොවන භාණ්ඩ ඕනෑම කෙනෙකුගේ ගෙදර තියෙන්න පුළුවන්. එසේම ඒවා e-Bay ඔස්සේ විකිණීමෙන් හොඳ මුදලක් ලබාගන්න පුළුවන්.
                e-Bay ඔස්සේ යන අයගෙන් වැඩි දෙනෙක් සාර්ථකයි. ඔබ සතු භාණ්ඩ හොඳ නම් ඔබ අසමත් වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. ලෝකය පුරා සිටින මිලියන ගණනක් සාමාන් ජනතාව අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීම සඳහා වේදිකාවක් හා අඛණ්ඩ ආදායම් මාර්ගයක් ලෙස e-Bay භාවිතා කරනවා.
  e-Bay යනු ප්රායෝගිකව ඕනෑම· කෙනෙකුට ඕනෑම දෙයක් (වෙන්දේසි හෝ ස්ථාවර මිලක් සහිත විකිණුම් හරහා ) එවෙලේම මිලදී ගැනීමට හෝ විකිණීමට ඉඩකඩ ඇති 1995 දී පිහිටුවන ලද කඩමණ්ඩියක්.
  ඇමෙරිකාවේ වැඩිපුරම නරඹන වෙබ් අඩවිවලින් 7 වන ස්ථානයේ සිටින්නේ e-Bay . (Yahoo, Google, Myspace, Youtube·&MSN වලට පසුව)
  ආසන්න වශයෙන් ලොව පුරා සිටින· මිලියන 1.3 ක් පමණ ජනතාව ඔවුන්ගේ මූලික හෝ ද්විතීයික ආදායම් මාර්ගය ලෙස e-Bay පාවිච්චි කරනවා.(AC Nielsen ජාත්යන්තර සමීක්ෂණය)
  2006 දී, e-Bay ඔස්සේ සාර්ථකව විකුණන ලද භාණ්ඩ වල මුළු වටිනාකම US dollar බිලියන 52 කට අධික වුණා.·
  ඕනෑම දෙන ලද කාලයකදී e-Bay හි· ලැයිස්තුගත වන නිෂ්පාදන (වර්ග 50000k යටතේ) මිලියන 100 කට ආසන්න වෙනවා. එසේම සෑම දිනකම මිලියන 6.4 ක් පමණ අලුත් ලැයිස්තු එක් වෙනවා.
                මේ තියෙන්නේ e-Bay ඔස්සේ සෑම දිනකම අලුතෙන් ලැයිස්තුගත වන වඩාත් ජනප්රිය අලුත්ම හෝ වරක් පාවිච්චි කරන ලද බඩු වර්ග කිහිපයකි.
පොත්.
විදුලි උපකරණ.
සෙල්ලම් බඩු හා ක්රීඩා භාණ්ඩ.
එකතු කිරීම්. ව්යාපාර හා කාර්මික ද්රව්.
සැපයුම් හා උපකරණ.
කාසි හා මුද්දර .
සෞඛ් හා රූපලාවන් ද්රව්.
සංගීත භාණ්ඩ .
චාරිකා .
ඇදුම්, සපත්තු හා විලාසිතා ආම්පන්න .
ගෘහ භාණ්ඩ.
පූරා වස්තු .
කලාකෘති .
Digital
කැමරා හා ආම්පන්න .
චිත්රපට .
ගෘහ ගෙවතු උපකරණ .
වළන් බඩු හා වීදුරු බඩු.
video games .
පරිඝනක.
සංගීතය.
 
ජංගම දුරකථන .
ළදරු නිෂ්පාදන.
වාහන අමතර කොටස්.
සිහිකටයුතු දේ .
ආභරණ හා ඔරලෝසු.
e-Bay යනු ලොව අග තැන්පත් අන්තර්ජාල වෙළඳ වෙබ් අඩවියකි. එය එසේ වන්නේ එක් සරල හේතුවක් නිසා. එනම්, ඔබට එහිදී ඕනෑම දෙයක් සොයා ගත හැකි වීම. මිනිසුන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ව්යාපාරය සඳහා අලුත්ම හෝ පාවිච්චි කරන ලද දෙයක් ඔවුන් විසින්ම මිලදී ගැනීමට අවශ් වූ විට, ඔවුන් දන්නවා බොහොම හොඳ මිලකට e-Bay ඔස්සේ එය සොයා ගත හැකි බව.
e-Bay ඔස්සේ මුදල් ඉපයිය හැක්කේ කෙසේද?
                                   1    ඔබේ නිවසේ අනවශ් බඩු විකීණීම.
                රහසිගත පුද්ගලයන්ට, ආධුනිකයන්ට සහ අන්තර්ජාලයෙන් වෙළදාම් කිරීමේ කිසිදු පළපුරුද්දක් නැති පුද්ගලයන්ට මෙම උපාය විශිෂ්ටයි. එයින් පළපුරුද්දක් නැති පුද්ගලයන්ට කිසිම අවදානමක් හෝ බරපතළ වියදම් රහිතව කටයුතු කිරීමට ඉඩ ලැබෙනවා. පසුව ඔවුන් ඔවුන්ගේ විකිණුම් ධාරිතාව වැඩි කරගන්නවත් සමගම, තව තවත් අත්දැකීම්, විශ්වාසය, මුදල් (ඔවුන් කැමති නම්)එය ඔවුන්ගේ පූර්ණ කාලීන ආදායම් මාර්ගය බවට හරවා ගැනීමට අවශ් මෙවලම් වැඩිකරගන්න පුළුවන්.
මට අන්තර්ජාලයෙන් විකිණිය හැකි ගේ-දොර භාණ්ඩ මොනවද?
                      හරිම සරලයි. ඔබ කවදාවත් පාවිච්චි නොකළ හෝ ආයෙත් කවදාවත් පාවිච්චි නොකරන ඇඳුම් ඔබට තිබෙනවද? අනිවාර්යයෙන්ම ඇති. නොවටිනා පොත්, සංගීත භාණ්ඩ, ක්රීඩා භාණ්ඩ, සෙල්ලම් බඩු, ළදරු භාණ්ඩ හෝඔබ හදිස්සියෙන් අල්ලන ඔබේ ගබඩාවේ දූවිලි අල්ලමින් පවතින වෙනත් ප්රයෝජනට ගත හැකි අඩු වැඩිය ඔබට තිබෙනවද?
                   සෑම කෙනෙක්ටම ඔහුගේ/ඇයගේ නිවසෙහි මෙවැනි භාණ්ඩ අඩුම තරමේ 10 ක් වත් තිබෙනවා. සමහරුන්ට මෙවැනි භාණ්ඩ සිය ගණන් තිබෙනවා. වැඩකට නැති සුන්බුන් ලෙස ඔවුන්ට පෙනෙන බොහෝ දේ සල්ලිවලට හරවා ගත හැකි බව අවබෝධ කරනොගත් සමහරුන්ට මෙවැනි භාණ්ඩ සිය ගණන් තිබෙනවා.
එය ක්රියා කරන්නේ කොහොමද?
                 වැඩි කලක් පාවිච්චි නොකළ, අයෙත් කවදාවත් පාවිච්චියට නොගන්නවා'යැයි සිතෙන භාණ්ඩ තිබේදැයි නිවසේ සොයන්න. මෙම සැඟවුණු නිධානය සෙවීම පටන් ගන්න හොඳ ස්ථාන කිහිපයක් තමයි, අටුව, ගබඩා ගෙය, රහස් ගබඩාව, යටමාලය, ගරාජය, පිටත අංගනය.
අරඹන ආකාරය:-
  e-Bay හි සාමාජිකයෙක් ලෙස සම්බන්ධ වන්න. ඔබ විකිණීම සඳහා දැනට ඇති භාණ්ඩ ලැයිස්තු ගත කරන විට e-Bay වෙත ගාස්තුවක් ගෙවන්න.
  e-Bay හි ඔවුන්ගේ වෙබ් අඩවිය ක්රියා කරන ආකාරය, ලැයිස්තුගත කිරීම පටන් ගන්න ආකාරය සහ විකුණන ආකාරය ගැන ඇති මූලික පාඩම් කියවන්න. මෙම පාඩම් වලට කිසිදු අයකිරීමක් නොකරන අතර ඔබ පටන් ගත යුතු පිළිවෙල ගැන මූලික දැනුමක් මෙමගින් ලබා දෙනවා.
  ඔබේ නිවසේ යම් කිසි දෙයක් විකුනන්න. ඕනෑම දෙයක්. පහුණු වීමේ අරමුණින් භාණ්ඩ 2 ක් විකිණීම සඳහා ලයිස්තුගත කරන්න.
  කාර්මික පැත්ත ගැන අත්දැකීම් ටිකක් ලබාගැනීම සඳහා, ක්රියාවලිය හොඳින් තේරුම් ගැනීමට ඉගෙන ගැනීම සඳහා, පද්ධතිය ගැන සුවපහසුවක් දැනෙන සන්ධිස්ථානයකට ලඟා වීම සඳහා කුඩා විකිණුම් කිහිපයක් කරන්න.
  ඔබ සහ e-Bay අඩවිය අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇතැයි සිතුනාට පසුව සහ අත්දැකීම් ටිකක් ලබාගත්තාට පසුව ඔබේ තරමක් වටිනා බඩු ලැයිස්තුගත කිරීම පටන් ගන්න.
                                          2   එකතු කිරීම් විකිණීමෙන් මුදල් ඉපයීම
                                සමහර බය හිතෙන, තැති ගැන්වෙන ශබ්ද පවා එකතු කිරීම් විය හැක. Picasso ගේ චිත්රයක මුල් පිටපතක් හෝ සැබවින්ම දුර්ලභ පැරණි කාසියක් හා දැනට සොයාගන්නට වත් නොමැති මේවායින් එකක් ඔබේම කරගන්නා අවස්ථාව ගැන සිතන්න.
              කෙසේවුවත්, මෙම සාමාන් මත පැමිණෙන්නේ එක් ප්රධාන කාරණාවකින්. එනම්, ඇතැම් අයගේ නොදැනුවත්කම. මෙය ප්රවේශමෙන් කියවන්න. ඔබ ඔබ නොදැනුවත්ව ඔබට සමහර භාණ්ඩ අඩු ගණනක් වත් තිබෙනවා වෙන්නට පුළුවන්. ඔබේ දෙමාපියන් ලඟ හොඳ මුදලකට විකිණිය හැකි මෙවැනි එකතු කිරීම් ටොන් ගණනක් තියෙනවා වෙන්නට පුළුවන්.  ඔබේ වයස නොතකන නිසාදෝ ඔවුන් ගැන දැනුවත් නෑ. හේතුව ඔවුන් මේ භාණ්ඩ එකතු කිරීම් ලෙස නොදැකීමයි.
              මෙම උපදෙස් පිළිපැදීමෙන් අනතුරුව, e-Bay හි එකතු කිරීම් ප්රවර්ගය දෙස හොඳ බැල්මක් හෙළන්න. මිනිසුන් ඔවුන්ගේ පෞද්ගලික එකතු කිරීම් සඳහා e-Bay ඔස්සේ මිලදී ගන්නා උප වර්ග, උප-උප වර්ග සියල්ලක්ම එහි ඇතුලත් වෙනවා.
                  සමහර භාණ්ඩ (සහ ඔවුන් එහි ලැයිස්තුගත කරන ලද වර්ග) ඔබව පුදුම කරාවි. එසේම ඒවා විකුණන මිල ඔබව කම්පනයට පවා පත් කිරීමට පුළුවන්. කෙසේවුවත් එමගින් ඔබට මුදල් උපයා දුන්නොත් එම කම්පනය ධනාත්මක කම්පනයක් වේවි.
e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?



e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?
                පැරණි වාර්තා සහ පොත්, ඔබේ පැරණි ඇඳුම්, ඔබේ කුඩා කල මතක සටහන්, මුද්දර, කාසි, බෝනික්කන්, pez dispensers නම් වූ කුඩා සෙල්ලම් බඩු, හාස්යජනක දේ, සැමරුම් භාණ්ඩ සහ තවත් සෙවීමට අපහසු බොහෝ භාණ්ඩ එකතු කිරීම් වෙන්න පුළුවන්. පරණ විලාසිතාවල භාණ්ඩ ඉක්මන් හා කදිම මිලකට විකුණන්න පුළුවන්. පරණ විලාසිතාවල ඇඳුම්, දැන්වීම් කොළ, ආභරණ, ඔරලෝසු, සෙල්ලම් බඩු, ප්රචාරක භාණ්ඩ, පෑන්, හමුදාවට අදාළ භාණ්ඩ, පරණ රේඩියෝ, තැපැල්පත්, ආගමික භාණ්ඩ, අළු බඳුන්, පරණ මෙවලම් සහ තවත් බොහෝ දේ.
පරණ භාණ්ඩ ලෙස සුදුසුකම් ලබන්නේ මොනවද?
                                පරණ දේවල් මොනවාදැයි අර්ථ දැක්වීම ඉතා අපහසුයි. කෙසේ වුවත් ඔබ සතුව 80 ගණන්වල භාණ්ඩ ඇත්නම් (ඒවා 70 ගණන්වල, 60 ගණන්වල, 50 ගණන්වල හෝ ඊටත් පැරණි යැයි සඳහන් නොකරන්න) ඔබ හොඳ ආරම්භයක සිටිනවා.
භාණ්ඩ විකිණේවිද? කොපමණ මුදලකටද? කියා දැනගන්නේ කෙසේද?
ඇත්තෙන්ම ඒවා ලැයිස්තුගත කරන්න කලින් ඔබට ගැන නිසැකව දැනගන්න බෑ.
කෙසේ වුවත් ඔබට හොඳ අදහසක් දිය හැකි යමක් තිබෙනවා. එනම්, අපි සිතමු ඔබට පරණ රේඩියෝවක් තිබෙනවා, එසේම එය e-Bay ඔස්සේ විකුණන විට ඔබට ලැබෙන වාසි හා අවාසි,දන ගැනීමට අවශ්යයි කියල. ඔබ කල යුතු එකම දේ e-Bay හි රේඩියෝ වර්ගය වෙත ගොස් වටේටම ඉව ඇල්ලීමයි.
ඔබ යම්කිසි වර්ගයක් Brows කිරීමේදී පහත ප්රශ්න ඔබගෙන්ම අසන්න.
සැබෑ ගැනුම්කරුවන් ලංසු තබන භාණ්ඩ කොපමණ තිබේද?
                                සැබෑ ඉල්ලුමක් ඇත්තේ මේ මේ වර්ගයේ භාණ්ඩ වලට යැයි එයින් ඔබට දැනුමක් ලබා දෙනවා.

මෙවැනි බඩුවලින් ඉහල ගණන්වල ලංසු ඇති වෙනවාද?
                                ලංසු වැඩිවීම = ලාභය වැඩිවීම = ඉල්ලුම වැඩි වීම = ඉහල ශුද්ධ ලාභය
වෙන්දේසි කරන ලද භාණ්ඩවල මිල පරාසය කුමක්ද?
මෙමගීන් සමාන භාණ්ඩ ලැයිස්තුගත කරන විට,ඔබේ අපේක්ෂාව සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබේවි.
එවැනි භාණ්ඩයකට ලබා ගත හැකි ඉහලම විභව මිල කුමක්ද?
                                වර්ග පිටුවේ උඩටම යන්න.ලැයිස්තු වර්ග කිරීම සඳහා විවිධ පරාමිතීන් සහිත option එකක් ඔබට දකින්න ලැබේවි."මිල අනුව වර්ග කිරීම-ඉහලම මිල පළමුව" යන option එක තෝරාගන්න.ඉහලම මිලේ සිට අඩුම මිල දක්වා ඉදිරිපත් කරන භාණ්ඩ දකින්නට ලැබේවි.දැන් ඔබේ අපේක්ෂාව පිලිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා.
පරණ බඩු විකීණීමෙන් පසු මොකද කරන්නේ?
                                නිවසේ ඕනෑම දෙයක් විකුණා අවසන් කිරීමෙන් පසුව ඔබේ අවධානය නිවසෙන් වෙනත් දිශාවකට යොමු කරන්න.ඔක්කොටම පස්සේ,නිවසින් තවදුරටත් භාණ්ඩ ලබාගත නොහැකි වුවත් ඔබේ e-Bay ක්රියාකාරකම් මගින් මුදල් ඉපයීම දිගටම පවත්වා ගෙන යන්න.වඩාත් වටිනා වටිනා භාණ්ඩ ලබා ගත හැකි තැන් කිහිපයකට උදාහරණ මෙන්න.
Garage sales - එකතු කල හැකි වටිනා ද්රව් අඩු මිලට ලබා ගැනීමට ඇති හොඳ ස්ථානයක්
කුඩා වෙළඳ පොළවල් - අමාරුවෙන් සොයා ගත හැකි භාණ්ඩ අඩුවට ලබා ගත හැකි හොඳ ස්ථානයක්
පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් - සමහර පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් ඉතා අඩු මිලට බඩු දෙනවා.
යහළුවන් හා පවුලේ සාමාජිකයින් - ඇයි ඔබේ යහළුවන් සහ පවුලේ සාමාජිකයින් මෙයට දායක කර නොගන්නේ? ඔබට පුළුවන් ඔවුන් සමග ආදායම 50/50 ගානේ බෙදා ගෙන ඔවුන්ව ඔබේ හවුල්කරුවන් ලෙස බඳවා ගන්න.
වැඩිමහල් අය සහ විශ්රාමිකයින් - බොහෝ වැඩිමහල් පුද්ගලයන් විශ්රාම ගැනීමෙන් පසුව අමතර ආදායම් මාර්ග පිළිබඳව ඉතා ආශාවෙන් සොයනවා.ගැටලුව වන්නේ,හොඳ ඉපයීම් විභවයක් සහ ඔවුන්ට අඩු අවදානමක් සහිත අවස්ථා ඉතා අඩු වීමයි. ඔබ,ඔබේ e-Bay ක්රියාකාරකම් මගින් ඔවුන්ට හොඳ මුදලක් උපයා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් සලසා දෙන්න.
මීට කලින් කාරණාවේ සාකච්ඡා කළ ආකාරයට ඔබට පුළුවන් 50/50 ගානේ ආදායම ඔවුන් සමග බෙදා ගනිමින් ඔවුන් ඉතා හිතවත් හවුල්කාරයන් බවට පත් කරගන්න.ඇත්තෙන්ම ඒක දෙගොල්ලන්ටම හිතකර අපූරු හවුල් ව්යාපාරයක් නෙවෙයිද?
ඈත්ව සිටිය යුතු ස්ථාන:-
පුරාවස්තු වෙළඳසල්
විශේෂ දේවල් විකුණන වෙළඳසල්
පෙර කාලවල විලාසිත අලුත් කර නිමවන ලද රෙදිපිළි සහිත වෙළඳසල්
ඇයි ඔබ මෙවැනි ස්ථානවලින් ඈත්ව සිටිය යුත්තේ?
                                ඔබේ සාර්ථකත්වය රඳවා පවතිනුයේ "අඩුවෙන් මිලදී ගන්න-වැඩියෙන් විකුණන්න" යන පැරණි (නමුත් සත්) ආදර්ශ පාඨය මතයි. වෙළඳසල් හිමිකරුවන් හා පුරාවස්තු ගනුදෙනුකරුවන් යනු මෙම ක්ෂේත්රයේ මෝරුන්. ඔබ ඔවුන්ගෙන් මිලට ගැනීමට අපේක්ෂා කරන ඕනෑම දෙයක් ඔවුන් ඔබට කැමැත්තෙන් විකුනාවි,නමුත් නියම මිලට නොවේ.(ඊට වැඩියෙන්ය.)එය ඔවුන්ට හොඳ ගනුදෙනුවක් විය හැකි අතර ඔබට නරක ගනුදෙනුවක්.
                                නොමිලේ හෝ ඉතා අඩු මිලකට භාණ්ඩ ලබා ගත හැකි තැන් සමග ඔබ දිගටම සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඔවුන් තරමක් වැඩි මුදලට විකුණනවා යැයි සිතා මිල අධික භාණ්ඩ මිලදී ගැනීමට පෙලඹෙන්න එපා.
                                                3  ඔබ නිර්මාණය කරන දේවල් විකිණීම
බොහෝ මිනිසුන් නිර්මාණ කරනවා.නැතහොත් ඔවුන්ට අත්කම් නිර්මාණ කිරීමේ හැකියාව හෝ කලාත්මක විනෝදාංශ තිබෙනවා.එම නිර්මාණ හොඳ මුදලකට විකුණා ගැනීම සඳහා e-Bay හොඳම ස්ථානයක් වෙන්න පුළුවන්.e-Bay ඔස්සේ විකිණිය හැකි භාණ්ඩ වලට උදාහරණ:-
කලා ශිල්ප - චිත්,පෝස්ටර්,අත් පිටපත්,digital arts,සිතුවම්,ඡායා පිටපත්,මූර්ති,වෙනත්.....
අත්කම් - පන්මලු,පබළු වැඩ,කාඩ්පත්,ඉටිපන්දම් හා සබන් සෑදීම,පිඟන් බඩු,වලං,ගෙත්තම්,දෑතේ මැහුම්,බෝනික්කෝ,මැහුම් සැරසිලි,රෙදිපිළි,මල් අත්කම්,වීදුරු,ඕනෑම අත්කම් භාණ්ඩයක්,අත් කැටයම්,ගෙත්තම්,රේන්ද ගෙත්තම්/රේන්ද,පලස,හම්,නූල් ගෙත්තම්,ලෝහ කර්මාන්ත,මොසයික් කලාකෘති,වූල් ගෙත්තම්,කඩදාසි අත්කම්,ඇතිරිලි,රූප අලවන ලද පොත්,මැහුම් ගෙතුම්,වියමන්,ලී වැඩ,නූල් රෑන් සහ තවත් බොහෝ දේ.....
ආභරණ - වළලු,ළමයින්ගේ ආභරණ,කරාබු,හිසේ පළදින ආභරණ සහ අත්කම් නිර්මාණ,ආභරණ බහාලන පෙට්ටි,කොණ්ඩ කටු,මුදු,පබළු,හාරිච්චි කටු සහ තවත් බොහෝ දේ.....
ඇඳුම් ආයිත්තම් - අතින් කරන ලද විලාසිතා ආම්පන්න,අත් බෑග්,පසුම්බි සහ තවත් බොහෝ දේ…..
නිවෙස් සහ ගෙවත්තට අදාළ දේ - නිවාස හා ගෙවතු අලංකරණ භාණ්ඩ,බිත්ති සැරසිලි,ඇඳ ඇතිරිලි,කොමු පිළි (ලිනන්),කොට්ට,බුමුතුරුණු,ගෘහ භාණ්ඩ,උළු සහ තවත් බොහෝ දේ.....
මේ සීමිත ලැයිස්තුවකි.ඉහත සඳහන් ද්රව් ඔබ නිර්මාණය කරනවා නම්,ඇයි e-Bay ඔබේ අත්කම් වෙළඳ පොළ ලෙස පාවිච්චි නොකරන්නේ?
                                                ලොව වට සිටින 1,300,000 ක් මිනිස්සු e-Bay ඔවුන්ගේ සාමාන් ආදායම් මාර්ගය ලෙස භාවිතා කරන බවට AC-Nielsen වාර්තාව සාක්ෂි දරනවා.සාමාන්යයෙන් අර්ධ කාලීන පදනම මත වෙළඳ කටයුතු කරන්නන් මෙමෙ වාර්තාවට අන්තර්ගත නොවන අතර ඔවුන්ගේ ප්රමාණය ඉතා ඉහළය.මිනිසුන් විශාල ගණනක් e-Bay ව්යාපාර වලින් හොඳ ලාභ ලබනවා.විකිණිය හැකි භාණ්ඩ සොයා ගැනීම තනිකරම ඔබේ හැකියාව මත රඳවා පවතිනවා. ඔබේ හොඳ බඩු වලට නොකඩවාම ලාභ ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට විශාල මුදලක් ලැබෙනවා. සංඛ්යා 3-5 ත් අතර මුදලක් ඔබට මසකදී උපයන්න පුළුවන්.
සමහර බලවත්  වෘත්තීය වෙළෙන්දන් මසකට සංඛ්යා 6-7 ත් අතර මුදලක් උපයනවා,සෑම මසකම එලෙස උපයනවා.නමුත් ඍජුවම මෙම ක්රමය මගින් එසේ උපයන්නේ 1% ක් වන අතර ඉතිරි 99% ක් දෙනා එසේ උපයන්නේ නෑ.
                                නිවසේ සිට e-Bay ඔස්සේ ව්යාපාර කරන මිනිස්ය්න් දහසකින් සිය ගණනක්,ඔවුන්ගේ දහවල් රැකියාව අතහැර e-Bay ව්යාපාරයෙන් පමණක් සතුටින් ජීවත් වෙනවා.තවත් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ප්රධාන රැකියාව කරගෙන යන අතරතුර මෙය ද්විතීයික ආදායම් මාර්ගයක් ලෙස පවත්වා ගෙන යනවා.
මුදල් ලබා ගන්නේ කෙසේද?
                                ඔබේ විකිණුම් සඳහා ගෙවීම් කරන ඉතා සාමාන් ආකාරය paypal ගිණුම හරහා ගෙවීමයි.කෙසේ වුවත් credit card හරහා,බැංකු හුවමාරු,තැපැල් ඇනවුම් හෝ පරණ තාලෙටම අත්පිට මුදලට ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්න පුළුවන්.
ඇත්තෙන්ම කළ යුතු හෝ නොකළයුතු ගෙවීම් ක්රමය කුමක්දැයි ඔබ තීරණය කළ යුතුයි.
වියදම් වෙනවද?                           
පහත දැක්වෙන ඒවා සඳහා e-Bay වෙත ගාස්තුවක් ගෙවීම අත්යවශ්යයි.
ඇතුළු වීමේ ගාස්තු - විකිණීම සඳහා භාණ්ඩයක් තැපැල් කිරීමට.(භාණ්ඩයකට ඩොලර් 0.1 සිට පටන් ගනී.)
අවසන් වටිනාකම් ගාස්තුව - ඔබ ප්රචාරය කරන ලද භාණ්ඩය විකිණී ඇත්නම් පමණක් ගෙවනු ලබන ගාස්තුවක් (නිමි අගයෙන් 8.75% සිට ආරම්භ වෙනවා.)
කොහොමද පටන් ගන්නේ?
                                ඉතා සරලයි. e-Bay වෙත ගොස්, ඔබම ලියාපදිංචි වී විකිණීම සඳහා භාණ්ඩ ලැයිස්තුගත කරන්න

5 comments: