Mar 17, 2013

ebay එකෙන් search කරන

 

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
.එත් ebay එකේ තව site ගොඩක් තියනවා.ඒවගේ තියන බඩුත් බලන්නනම් අපි ඒ රටේ විදිහට log වෙන්න ඕනේ.ebay.com එකේ පෙන්නන්නේ USA වල දාන ඒවා.(වෙන රටවල් වලින් දාන ඒවත් නෑ කියනවා නෙවේ.ඒත් අනිත් රටවල් වල තියන ගොඩක් බඩු මේකෙදි අහු වෙන්නේ නෑ)
 ඔය තියෙන්නේ site ටික

 





































 ලංකාව ship කරන පුලුවන් site


මෙන්න  site එකේදී ඔයාලට ebay එකේ site කීපයක තියන ඒවා එකම තැනකින් search කරගන්න පුළුවන්.මේකෙදි advanced කියන එකෙන් ගිහින් settings වෙනස් කරන්න.එතකොට ලංකාව ship කරන බඩු විතරක් පෙන්නන විදිහට හදා ගන්න පුළුවන්.

Mar 16, 2013

Payoneer Debit Cards ගැන


මට මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් නිතරම මේ ගැන අහන නිසා. මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම.  ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි. එහෙම නැති දෙයක් තියෙනවනම් ප්‍රතිචාරයක් දමන්න. මේ Payoneer Debit Cards වලින් කරන්නෙ ලෝකයේ බොහෝ රටවලට සහයෝගය දක්වන ලෙස මුදල් ගෙන්වා ගැනීම් සහ ගෙවීම් කරන්න පහසුකම් ලබා දෙන එක. ඇත්තටම payoneer සේවාව මගින් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් ලෙස අවශ්‍යවිට Debit Cards නිකුත් කිරීම සහ ඒවා පාලනය කිරීම පමණයි. ඉතින් අපට කෙළින්ම payoneer වෙබ් අඩවියෙන් මේවා ලබාගන්න බැහැ, එතකොට තමයි අපට Vendor කෙනෙකු හරහා මෙයට අයදුම් කරන්න වෙන්නේ, මේ මගින් ගෙවීම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්.

    GetAFreelancer
    uTest
    oDesk
    ScriptLance
    2CheckOut
    Plimus
    FastSpring
    MediaWhiz
    Bux.to
    Copeac
    Text-Links-Ads
    AWEmpire
    Adult Friend Finder
    Hustler Cash
    FreedomRocks
    rentacoder
    GPA40
    iStockPhoto
    Fluc

නමුත් අපට හැම එකක්ම භාවිතා කරන්න බැහැනේ, ඉතින් තමන්ට අවශ්‍ය එක මොකද්ද කියන එක තමන්ම තෝරාගන්න. බොහෝ වෙබ් අඩවි මේවා නොම්ලේ එවන නිසා නිකරුනේ ගෙන්වා ගන්න යන්න එපා! මොකද cards 4-5 එකම නමට සහ ලිපිනයට ලැබුනම ඔවුන් යම් යම් සීමා පනවනවා. මේ මා සතුව Debit Cards ඇති. නමුත් මා භාවිතා කරන්නේ 2checkouts සහ Fastspring Debit Cards දෙක පමණයි :D

සාමන්‍යයෙන් Payoneer Debit Card එකකට අයදුම් කලාම දින 1-2 ඇතුලත එය අනුමත වුනාද නැද්ද යන්න ඔවුන් අපට දන්වනවා. අනුමත වුන Payoneer Debit Card එකක් ශ්‍රී ලංකාවට ලැබෙන්න සති තුනක් පමණ ගත වෙනවා, නමුත් ඔබට එය දින කීපයකින් ලබාගන්න අවශ්‍යනම් fedex හරහා තරමක මුදලක් වැය කර ගෙන්වාගන්න පුළුවන්.

Payoneer Debit Cards වලට මුදල් එක් කරන ආකාරය

    Vendor(2checkout, plimus, fastspring, GAF etc )මගින් නිකුත් කරන ගෙවීම් මගින්.
    Credit cards මගින් මේ පිටුවෙන්.
    Western Union හරහා. (USA වල සිටින අයගෙන් පමණි)

Payoneer Cards Supported ATM  යන්ත්‍ර ඇති ස්ථාන සොයාගන්න අවශ්‍යනම් මෙතනින් දැනගන්න.

Payoneer මගින් ලබාදෙන USA Bank Account එක ලබාගන්න ආකාරය:

මම නම් දැන් වැඩියෙන්ම භාවිතා කරන සේවාවක්, ඒ ඉතාම පහසුවෙන් මුදල් ලංකාවටම ලබාගන්න පහසු නිසා.

නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card

මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් Paypal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
  • සාමාන්‍ය Credit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම
මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Credit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Credit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Credit card එක හා සමාන ආකෘතියක්

තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credi card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම් :D